MQ2 වායු සංවේදකය

පරිසරයේ ඇති සාමාන්‍ය දුමාරය සහ දහන දුමාරයයන් මෙයින් සංවේදනය කරයි.ගිනි ගැනීම් ඇතිවිය හැකි ස්ථානවල මෙය භාවිතයෙන් ස්වයංත්‍රීය ආරක්ෂණ පද්ධති සකස් කරයි. 5v වොල්ටීයතාවයක් මෙයට ලබා දීම මඟින් මෙය ක්‍රියාත්මක කළ හැක.DIGITAL සහ ANALOG යන ආකාර දෙකටම මෙයින් සංඥා නිකුත් කරයි.

DH1 උෂ්ණත්ව සංවේදකය

පරිසරයේ ඇති උෂ්ණත්වය සහ වාතයේ තෙතමනය මෙයින් සංවේදනය කරයි.ස්වංක්‍රීය උෂ්ණත්ව පාලන පද්ධති සකස් කිරීමට භාවිතා කරයි. 5v වොල්ටීයතාවයක් මෙයට ලබා දීම මඟින් මෙය ක්‍රියාත්මක කළ හැක.DIGITAL සහ ANALOG යන ආකාර දෙකටම මෙයින් සංඥා නිකුත් කරයි.

IR සංවේදකය

මෙහි සංවේදකය කළු පැහැති වන අතර එය Infrared(ආධෝරක්ත) කිරණ සංවේදනය කරයි. ඒ අසළ ඇති පැහැයක් නොමැති LEDය අධෙෘ්රක්ත කිරණ නිකුත් කරන අතර එම කිරණ ඉදිරියේ ඇති යම් බාධකයක වැදී නැවත පැමිණිවිට කළු පැහැති සංවේදකය එය සංවේදනය කරයි.Line follow රෝබෝ උපකරණ වල ඇත.5v හෝ 3v වොල්ටීයතාවයක් මෙයට ලබා දීම මඟින් මෙය ක්‍රියාත්මක කළ හැක.DIGITAL සංඥා පමණක් නිකුත් කරයි.

LDR සංවේදකය

මෙය ආලෝකයට සංවේදී වන උපකරණයකි. ආලෝකය නොමැති විට මෙම උපකරණයේ ප්‍රතිරෝධය ඉතා ඉහළ යන අතර මේ තුළින් විදුලිය ගමන් නොකරයි. මෙය ආලෝතයට නිරාවරණය වූ විට එහි ප්‍රතිරෝධය අඩු වී මේ තුළින් හොදින් විදුලිය ගමන් කරයි.ආලෝක සංවේදී උපකරණ වල ඇත. 5v වොල්ටීයතාවයක් මෙයට ලබා දීම මඟින් මෙය ක්‍රියාත්මක කළ හැක.DIGITAL සහ Aanlog යන ආකාර දෙකටම සංඥා නිකුත් කරයි.

PIR චලන සංවේදකය

මෙය චලනයන්ට සංවේදී වන උපකරණයකි. මෙම උපකරණය ඉදිරිපසින් චලනය වන අධෝරක්ත කිරණ නිකුත් කරන ඹ්නෑම දෙයක චලනය මෙයින් ග්‍රහණය කරයි. චලන සංවේදී උපකරණවල මෙය බහුලව යොදා ගනීයී. 5v වොල්ටීයතාවයක් මෙයට ලබා දීම මඟින් මෙය ක්‍රියාත්මක කළ හැක.DIGITAL සංඥා පමණක් නිකුත් කරයි.

RAIN DROP සංවේදකය

මෙහි සංග්‍රාහතය මතට ජල බිදු වැටීම සංවේදනය කරනා උපකරණයකි. බහුලව භාවිතා කරන්නේ වැසි වැටීම පරීක්ෂා කර ඒ අනුව ක්‍රියාකරන ස්වංක්‍රීය සැකැස්ම සඳහා සහ වැස්සක ප්‍රමාණය මැන ගැනීමටයි. 5v වොල්ටීයතාවයක් මෙයට ලබා දීම මඟින් මෙය ක්‍රියාත්මක කළ හැක.DIGITAL සහ Aanlog යන ආකාර දෙකටම සංඥා නිකුත් කරයි.

ULTRASONIC සංවේදකය

මෙය අතිධ්වනි තරංග සංවේදනය කරනා උපකරණයකි.මෙහි ඉදිරිපස ඇති කුඩා Speaker වැනි උපකරණ දෙකෙන් T ලෙස සටහන් උපකරණයෙන් අතිධ්වනි තරංග නිකත් කරන අතර R ලෙස සටහන් උපකරණය මඟින් අතිධ්වනි තරංග ග්‍රහණය කරයි.වවුලන් රාත්‍රී ගමන් මඟ සොයාගන්නේ මේ උපක්‍රමය භාවිතා කරයි. බෝහෝ ස්වංක්‍රීය විදුලි උපකරණවල භාවිතා කරයි(ස්යංක්‍රීය දොරවල් වැනි). 5v වොල්ටීයතාවයක් මෙයට ලබා දීම මඟින් මෙය ක්‍රියාත්මක කළ හැක.DIGITAL සංඥා පමණක් නිකුත් කරයි.